Posts

චාමර වීරසිංහ Chamara Weerasinghe

Image
       චාමර වීරසිංහ Chamara Weerasinghe(හදවතේ ගායකයා)               චාමර වීරසිංහගේ                                     පාසල් කාලය   1981 අප්‍රේල් මස 21 වැනිදා මාතර වීරවිල ප්‍රදේශයේ උපත ලද චාමර වීරසිංහ, ඉගෙනුම ලැබුවේ මාතර පඹුරණ ශාරිපුත්‍ර විද්‍යාලයේයි.සෞන්දර්ය විෂයක් ලෙස සංගීතය තෝරාගනු ලැබුවත් ඉතා හොඳ චිත්‍ර ඇඳීමෙ අසීමිත හැකියාව නිසා චිත්‍ර ගුරුතුමියගෙ බල කිරීම මත චාමර චිත්‍ර විෂයට සම්බන්ධ වෙනවා.චාමර චිත්‍ර විෂයට කොතරම් දක්ෂද කියනව නම් 1998 වසරේ සමස්ථ ලංකා චිත්‍ර තරගයෙන් 2වන ස්ථානය පවා ලබා ගැනීමට සමත් වෙනවා.චාමරගෙ අනාගත බලාපොරොත්තුව තිබුනෙත් චිත්‍ර ශිල්පියෙකු වීම.පාසලේ දක්ෂ ගායන ශිල්පියෙක් ලෙසත් චාමර ජනප්‍රියයි.ඒ හැකියාව නිසාම පාසලේ සංගීත ගුරුවරියත් චාමරව ගායන තරඟ වලටත් යොමු කිරීමට කටයුතු කලා.         චාමර වීරසිංහගේ සංගීත              ගමන් මගේ ආරම්භය   පාසල් යන අතර මගදී තමයි චාමරට පර්පල් රේනජ් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.ඒ 1995 වර්ෂයේදි.සංගීත කණ්ඩායමට බැඳුනු මුල් කාලයේ චාමරට ගායනා කරන්නට සිදුවූයේ වෙනත් ගායකයන්ගේ ගීත.ඒ අතරින් ඔහු ගොඩක් ඇලුම් කලේ සේනානායක වේරලියද්ද මහතාග