චාමර වීරසිංහ Chamara Weerasinghe

       චාමර වීරසිංහ


Chamara Weerasinghe(හදවතේ ගායකයා)


             චාමර වීරසිංහගේ

                                   පාසල් කාලය 

1981 අප්‍රේල් මස 21 වැනිදා මාතර වීරවිල ප්‍රදේශයේ උපත ලද චාමර වීරසිංහ, ඉගෙනුම ලැබුවේ මාතර පඹුරණ ශාරිපුත්‍ර විද්‍යාලයේයි.සෞන්දර්ය විෂයක් ලෙස සංගීතය තෝරාගනු ලැබුවත් ඉතා හොඳ චිත්‍ර ඇඳීමෙ අසීමිත හැකියාව නිසා චිත්‍ර ගුරුතුමියගෙ බල කිරීම මත චාමර චිත්‍ර විෂයට සම්බන්ධ වෙනවා.චාමර චිත්‍ර විෂයට කොතරම් දක්ෂද කියනව නම් 1998 වසරේ සමස්ථ ලංකා චිත්‍ර තරගයෙන් 2වන ස්ථානය පවා ලබා ගැනීමට සමත් වෙනවා.චාමරගෙ අනාගත බලාපොරොත්තුව තිබුනෙත් චිත්‍ර ශිල්පියෙකු වීම.පාසලේ දක්ෂ ගායන ශිල්පියෙක් ලෙසත් චාමර ජනප්‍රියයි.ඒ හැකියාව නිසාම පාසලේ සංගීත ගුරුවරියත් චාමරව ගායන තරඟ වලටත් යොමු කිරීමට කටයුතු කලා.

        චාමර වීරසිංහගේ සංගීත              ගමන් මගේ ආරම්භය 






පාසල් යන අතර මගදී තමයි චාමරට පර්පල් රේනජ් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.ඒ 1995 වර්ෂයේදි.සංගීත කණ්ඩායමට බැඳුනු මුල් කාලයේ චාමරට ගායනා කරන්නට සිදුවූයේ වෙනත් ගායකයන්ගේ ගීත.ඒ අතරින් ඔහු ගොඩක් ඇලුම් කලේ සේනානායක වේරලියද්ද මහතාගේ ගීත වලට.


             චාමර වීරසිංහගේ කුලුඳුල්                     කැසට් පටය 







2002 වසරේදී තමයි චාමරගේ පළමු කැසට් පටය වන සිතින් විතරක් කැසට් පටය එලි දැක්වීමත් සමඟ ඉමහත් ජනාදරයට පත්වූ චාමරට වෙනත් ශිල්පීන්ගෙ ගීත ගායනා කිරීමට ඉඩක් ලැබුනේ නෑ.මෙම කැසට් පටයේ "සිතින් විතරක්,දකුණේ පිං,බැද්දට සඳ වගේ" වැනි ගීත ඒ වකවානුවේ පමණක් නොව වර්තමානයේ ද ඉතාමත් ජනප්‍රියත්වයට පත් වී ඇත.

      චාමර වීරසිංහගේ දෙවන                       කැසට් පටය 



මෙම කැසට් පටය ද ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණ කිහිපයක් ඇතුළත් වූ කැසට් පටයක් ලෙස හැඳින්විය හැකියි.මෙහි අඩංගු වූ ගීත අතර එක් විශේෂිත වු ගීතයක් අඩංගු වී තිබේ.එය මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට තදින්ම කා වැදුණු ගීතයක් බව සැකහැර පැවසිය හැකියි.ඒ ගීතය "මතකයන් ඔබේ" ගීතයයි.ඒ වගේම "උස්සන්ගොඩ,කුමුදු ලියේ, ලෙංගතුකම වැනි බොහෝ ගීත අදටත් එදා මෙන්ම ජනප්‍රියයි.

     චාමර වීරසිංහගේ තුන්වන                    කැසට් පටය 




මෙම කැසට් පටය ද ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණ රාශියක් අඩංගු කැසට් පටයකි.මෙම කැසට් පටයේ අඩංගු නිර්මාණ අතරින් "මහරගමට වහින්නැතුව,ලය ගින්දරින්,හිත හෙමිහිට,රෑ තුන්යම වැනි ගීත තවමත් රසිකයන් වැලඳ ගනිමින් තිබෙනවා.


  චාමර වීරසිංහගේ හතරවන                   කැසට් පටය 



මෙම කැසට් පටය ද ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ කැසට් පටයකි.මෙහිඇති නිර්මාණ අතරින් "ආදර අම්මා, ඈතින් ඈතට,දළද්‍රවේ,ඇතුගල වෙහෙර වඳින,අඩි සීයේ පාර" වැනි ගීත වල ජනප්‍රියත්වය අදටත් එලෙසම පවතින බව නොරහසකි.







ඔහු වේදිකාවක ගීත ගායනා කරනවා දකින්න ඔහුගේ පියා ඉතා ආශාවෙන් බලා ඉඳලා තියෙනවා.චාමරගේ පියා රැකියාව ලෙස කරලා තියෙන්නේ ඇඳුම් මහන එක.ගෙදර සියලුම දෙනාට අවුරුද්දට ඇඳුම් අරන් දීලා එයාට මල් ශාලාවේ ඇඳුමක් ඇඳගෙන යන්න වෙලා තියෙනවා.ඒ අලුත් අවුරුද්ද දවසේ රිය අනතුරකින් චාමරගේ පියා අභාවප්‍රාප්ත වෙලා තියෙනවා.චාමරගේ මවත් මීට අවුරුදු 5කට පෙර අභාවප්‍රාප්ත වෙලා තියෙනවා.චාමරට ලස්සන දුවෙක් සහ පුතෙකුද ඉන්නවා.ඔහුගේ දුවත් චාමර මෙන්ම ඉතා දක්ෂ ගායන හැකියාවක් තියෙන දියණියක්.


     චාමර වීරසිංහ හදවතේ       ගායකයා වීමට හේතු සහ         ඔහු  ගායකයෙක් ලෙස ඔහු               ලබා ගත් ජයග්‍රහණ













ආත්මීය කටහඬ සහ ඔහුටම ආවේණික වූ අංක 1 නිහතමානී ගුණය නිසා රසිකයන්ගේ පමණක් නොව කලාකරුවන්ගෙන් පවා ඔහුට ආදරය ලැබිලා තියෙනවා.මෑත කාලයේ එලිමහන් සහ ගෘහස්ථ වේදිකාවන් යන දෙකටම ඔහු නැතුවම බැරි ගායකයෙක් වී හමාරයි.රසිකයන්ගේ ඉමහත් ආදරය නිසා චාමරට මෑත කාලයේදී "හදවතේ ගායකයා" නමින් රසිකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා.ඒ ආදරය නිසාවෙන් වසර ගණනාවක් එක දිගට වසරේ ජනප්‍රියතම ගායකයා ලෙස සම්මාන ලබා ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වුණා.මෑත වකවානුවේ ඔහුට යම් කිසි අසනීප තත්වයක් ඇතිවී මේ වන විට සුවය ලබා සිටියි.ඒ අසනීප තත්වය ඉතා ඉක්මනින් සුව වී වෙනදා මෙන් තවත් කාලයක් ඔහුගේ ලයාන්විත හඬින් රසිකයන් පිනවන්න වාසනාව ලැබේවා කියලා "හදවතේ ගායකයාට" හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.♥️

Comments

Post a Comment